ස්විස් රෝල්
අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි ග්‍රෑම් 100
- වැනිලා තේ හැඳි 1
- බිත්තර 4
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- සීනි ග්‍රෑම් 100
- ජෑම් මේස හැඳි 4
ස්විස් රෝල් ටින් එකක තෙල් කඩදාසි අතුරා බටර් ස්වල්පයක් ග තුනීවට පිටි ඉසින්න.
බිත්තර හතර කඩා භාජනයකට දමා මිනිත්තු තුනක් පමණ වෙලා ගසා සීනි ස්වල්පය බැගින් එකතු කරමින් මෙසේ මිනිත්තු 10ක් පමණ ගසා බේකින් පව්ඩර් මිශ්‍රකොට ගත හලාගත් පිටි සහ වැනිලා බිත්තර මිශ්‍රණයට එක් කරන්න
ඉන්පසු කලින් පිළියෙළ කොට ගත ටින් එකේ මේ මිශ්‍රණය අඟල් ¼ක් පමණ ඝනකමට වත්කර උණුසුම් පෝරණුවකින් පදමට පුළුස්සා ගන්න.
මෙය පිළිස්සෙන තුරු ජෑම් කෝප්පයකට දමා පොඩි කර ගන්න.
ඉන්පසු පිරිසිදු ලෑල්ලක සුදු සීනි තුනීවට අතුරා කේක් එක අනෙක් පැත්ත හරවා කඩදාසි ඉවත්කර ලෑල්ල මතුයෙහි දමන්න.
එහි මතුපිට රත්කළ ජෑම් ගා ඉක්මනින් රෝල් කරගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment