Posts

වයිට් කේක්

Image
අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි - ග්‍රෑම් 225 බටර් - ග්‍රෑම් 225 සීනි - ග්‍රෑම් 225 කිරි - අඬු කෝප්ප 1/2 බේකිං පවුඩර් - තේ හැඳි 2 වැනිලා - තේ හැඳි 1 1/2 ලුණු ස්වල්පයක් සාදන ආකාරය බිත්තර සුදු මදය ක්‍රීම් එකක් වනතුරු ගසා පසෙකින් තබන්න. බටර් සහ සීනි හොඳට බිට් කර ගන්න. එයට බේකිං පවුඩර්, කිරි, පාන්පිටි, සහ ලුණු එකතු කර නැවත හොඳින් ගසාගන්න.  දැන් එයට ගසාගත් බිත්තර මිශ්‍රණය සහ වැනිලා එකතුකර හොඳින් මිශ්‍රකරගන්න. දැන් බටර් ගා ගත් තැටියක දමා මධ්‍යම උෂ්ණත්වය සහිත උඳුනක පුළුස්සා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

චොකලට් ලාවා කේක්

Image
රසවත් lava cake කවුරුත් කන්න ලොකු පොඩි කවුරුත් කැමතියි. ගෙදරදීම පහසුවෙන් හා ඉක්මණින් chocolate lava cake සාදා ගමු. අවශ්‍ය ද්‍රව්‍ය:     කුකිං චොකලට් 100 gm     dark චොකලට් කැබලි කිහිපයක්     සීනි 100 gm     බටර් 100 gm     බිත්තර 2     පිටි 100 gm     බේකිං පවුඩර් හැඳි 1     ලුණු පින්චක් සාදා ගන්නා ආකාරය: බඳුනක් ගෙන එයට චොකලට් හා බටර් දමාගෙන double boil  කරගන්න. නැති නම් මයික්‍රොවේව් එකේ උණු කරගන්න. මෙය  වෙනත් බඳුනක් ගෙන එයට සීනි හා බිත්තර දමා හොඳින් ගසා ගන්න. පසුව මෙම මිශ්‍රණ දෙක හොඳින් එකට කලවම් කරගන්න මෙයටම බේකිං පවුඩර්, ලුණු සහ පිටි කලවම් කරන්න. හොඳින් මිශ්‍ර වූ පසුව මිශ්‍රණය කෑලි නොසිටින සේ පෙරා ගන්න. මෙම මිශ්‍රණය ශීතකරණය තුළ විනාඩි 5 ක් තබන්න. බටර් තවරගන්නා ලද කුඩා ෆොයිල් කප් වලට දමා ගන්න. කප් එකේ භාගයක් පමණ පුරවා එයට dark චොකලට් කැබල්ල බැගින් මැදින් තබන්න. උඳුන සෙල්සියස් අංශක 200ට රත් කර ගෙන විනාඩි 10 ක් පුළුස්සා ගන්න. මෙය whipped cream, වැනිලා අයිස් ක්‍රීම්, කස්ටඩ් සහ ස්ට්‍රෝ...

ස්විස් රෝල්

Image
අවශ්‍ය ද්‍රව්‍ය     පිටි ග්‍රෑම් 100     වැනිලා තේ හැඳි 1     බිත්තර 4     බේකින් පව්ඩර් තේ හැඳි 1     සීනි ග්‍රෑම් 100     ජෑම් මේස හැඳි 4 සාදන ක්‍රමය ස්විස් රෝල් ටින් එකක තෙල් කඩදාසි අතුරා බටර් ස්වල්පයක් ග තුනීවට පිටි ඉසින්න. බිත්තර හතර කඩා භාජනයකට දමා මිනිත්තු තුනක් පමණ වෙලා ගසා සීනි ස්වල්පය බැගින් එකතු කරමින් මෙසේ මිනිත්තු 10ක් පමණ ගසා බේකින් පව්ඩර් මිශ්‍රකොට ගත හලාගත් පිටි සහ වැනිලා බිත්තර මිශ්‍රණයට එක් කරන්න ඉන්පසු කලින් පිළියෙළ කොට ගත ටින් එකේ මේ මිශ්‍රණය අඟල් ¼ක් පමණ ඝනකමට වත්කර උණුසුම් පෝරණුවකින් පදමට පුළුස්සා ගන්න. මෙය පිළිස්සෙන තුරු ජෑම් කෝප්පයකට දමා පොඩි කර ගන්න. ඉන්පසු පිරිසිදු ලෑල්ලක සුදු සීනි තුනීවට අතුරා කේක් එක අනෙක් පැත්ත හරවා කඩදාසි ඉවත්කර ලෑල්ල මතුයෙහි දමන්න. එහි මතුපිට රත්කළ ජෑම් ගා ඉක්මනින් රෝල් කරගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

පයිනැපල් අප්සයිඩ් කේක්

Image
අවශ්‍ය ද්‍රව්‍ය- සෙන්ටිමීටර 23 විෂ්කම්භය ඇති බටර් ගාගත් රවුම් බේකින්ග් තැටියක් කැරමල් වලට- ගාගත් හකුරු හෝ දුඹුරු සීනි ග්‍රෑම් 160 පොඩියට කපාගත් බටර් ග්‍රෑම් 60 කේක් එකට- ඉදුණු අන්නාසි ගෙඩියක් පිටි ග්‍රෑම් 200 බේකින්ග් පෞඩර් තේ හැඳි 2 ලුණු තේ හැඳි 1/4 බිත්තර 2 බටර් ග්‍රෑම් 110 කැට පොඩි සීනි ග්‍රෑම් 200 වැනිලා තේ හැඳි 1 කිරි මිලි ලීටර් 120 සාදා ගන්නා ආකාරය- කැරමල් සඳහා අවශ්‍ය හකුරු, බටර් අඩු ගින්දරින් හැඳි ගාමින් රත් කර ගන්න. එහි කැට නැති වූ විට හැඳි ගෑම නතර කර වටේ බුබුළු දමනකම් රත්කරගන්න. එය කර නොවිය යුතුය. එය උනුවෙන්ම බේකින්ග් පෑන් එකට දමාගන්න. එහි පතුල වැසෙන ලෙස එය තුනී කරගන්න. අන්නාසි ගෙඩිය සුද්දකර හතරට පලා බඩය ඉවත්කරන්න. අගල් 1/4 විතර ඝනකමට පෙති කපාගන්න. ඒවා කැරමල් එක උඩින් ඉතා ළගින් හිඩැස් අවම ලෙස පතුල වැසෙනකම් එක තට්ටුවක් වෙනලෙස තියන්න. දැන් කේක් එක සදා ගැනීමට පිටි, බේකින්ග් පෞඩර්, ලුණු කලවම් කර 2 වරක් හලා ගන්න. බිත්තර කහමද වෙන්කරගන්න. (කාමර උෂ්ණත්වයෙන්) බටර් (කාමර උෂ්ණත්වයෙන්) ක්‍රීම් වනතුරු බීට් කරගන්න. සීනි කලවම් කර විනාඩි කිහිපයක් බීට් කරන්න. බිත්තර කහමද ...

ඡෑම් කේක්

Image
අවශය ද්‍රව්‍ය බටර් කේක් මිශ්‍රණය ඡෑම් තේ හැදි 3 බටර් අයිසිං (අයිසිං සීනි 150g ට බටර් 75gක් යොදා සකස් කර ගන්න) සාදන අන්දම කොළ වලින් සකස් කරගත් ස්පන්ච් තැටි වලට බටර් කේක මිශ්‍රණය වත් කොට විනාඩි 15ක් පමණ උණුසුම් උදුනක පුලුස්සා ගන්න. මෙම කේක් උදුනෙන් බා හොදින් නිවෙන්න හරින්න. බටර් අයිසිං සාදා ගන්න. අයිසිං මිශ්‍රණය කේක් උඩ ගාගෙන ඒ උඩට ඡෑම් දමා ගන්න. (මැදට) උපුටා ගැනීම : kitchen.tharunaya.us

චොක්ලට් ඕරියෝ කේක්

Image
අවශ්ය දේ සීනි කෝප්ප 2 ( granulated sugar ) පිටි කෝප්ප 2 ලුනු තේ හැදි 1/2 බේකින් සෝඩා තේ හැදි 1 බිත්තර 2 ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1 1/2 විනාකිරි මේස හැදි 1 ( white vinegar ) වැනිලා තේ හැදි 2 බටර් කෝප්ප 1/2 වෙජිටබල් shortening කෝප්ප 1/2 ( මම නම් දැම්මෙ නැහැ) කොකෝවා පවුඩර් කෝප්ප 1/4 උනු චොක්ලට් සෝස් ජග් 1 ( 16 oz ) කූල් විප් පැකට් 1 (cool whip- 8 oz ) කූල් විප් එක හොයන්න අමාරු නම් සාමාන්ය විපින් ක්‍රීම් පැකට් එකක් පාවිච්චි කරන්න පුලුවන්.ලෝ ෆැට් එකක් ගන්න. පොඩි කර ගත් ඕරියෝ බිස්කට් 15ක් පමණ. සාදන ආකාරය ඉස්සෙල්ලම කේක් එක හදා ගනිමු. ලොකු බෝල් එකක් අරගෙන සීනි,පිටි,ලුනු සහ බේකින් සෝඩා එකට මිශ්‍ර කර ගන්න.පැත්තකින් තියන්න.දැන් තවත් බෝල් එකක් අරගෙන බිත්තර,කිරි,විනාකිරි සහ වැනිලා එකට එකතු කර හොදින් ගසා ගන්න. පැත්තකින් තියන්න.දැන් පෑන් එකක් ලිප තබා ( මද ගින්නේ ) එයට දිය කර ගත් බටර්, වෙජිටබල් shortening සහ කොකෝවා පවුඩර් දමා හොදින් හැදි ගාන්න මිශ්‍රණය සම්පූර්ණයෙන්ම දියවෙනකම් සහ ස්මූත් වෙනකම්. ( මේ මිශ්‍රණය බුබුලු දානතුරු තියන්න අවශ්ය නැහැ. කර කර ගන්නත් එපා ) දැන් ලිප නිවලා මේ මිශ්‍රණ...

කොෆී කේක්

Image
අවශ්‍ය ද්‍රව්‍ය (Sponge එකක් සඳහා) බිත්තර 10 සීනි 250g පිටි 250g වැනිලා තේ හැඳි 2 සාදන ක්‍රමය  මුලින්ම සීනි හා බිත්තර මිශ්‍ර කරන්න. එය ක්‍රීම් වනතුරු ගසා ගන්න. එයට දැන් පිටි එක්කර ගන්න. (ටිකෙන් ටික එක් කිරීමෙන් ස්පොන්ජ් එක හොඳින්  සාදා ගත හැකියි.) මෙයට කෝපි කුඩු ටිකක් එක්කරගෙන දැන් එය අවන් කේ සෙල්සියස් අංශක 180ක් උෂ්ණත්වයේ විනාඩි 20ක් පමණ බේක් කර ගන්න. Coffee අයිසින් එක සඳහා Coffee ක්‍රීම් බටර් අයිසින්වලට මිශ්‍ර කරමින් එයට කජුද එක්කර කේක් එකේ මැදට හා ක්ක් එකේ වටේ තවරා ගන්න. දැන් මේ ආකාරයට අලංකාර කර ගනිමින් අමුත්තන්ට පිළිගැන්විය හැකිය.  උපුටා ගැනීම : kitchen.tharunaya.us